
තරුණයින්
තිදෙනෙක්
එක්ව
විදේශීය
කතක් කෙළසයි
ලංකාවේ ස්ත්රී දුෂණ පිළිබදව වාර්තා වන පුවත් දිනෙන් දින ඉහළ යමින්
පවතින අතර මේවයේ අඩුවක් වන බැව් පෙනෙන තෙක් මානයක වත් නොමැත. කාන්තාවකට මහ
රැුයක වුවත් කිසිදු බියකින් තොරව ගමන් බිමන් යාමට හැකිව තිබු කාලයක් ලංකාව
තුළ තිබුණු බැව් අපට අමතක නැත. එවිට මිනිසුන් සදාචාර සම්පන්නය අද ඒ තත්වය
නැත්තටම නැති වී ගොසිනි.
පුතා අතින් මවත්, පියා අතින් දියණියත් දුෂණයට ලක් වන බවට සැල වූ පුවත්
මිට කදිම නිදසුන් ය. දැන් ලංකාවේ කතුන්ට මෙන්ම විදෙස් රටවල්වල සිට සංචාරය
සදහා පැමිණෙන විදෙස් කාන්තාවන්ට ද ලංකාවේ පාර තොටක බැහැල යාමට නොහැකි වී
තිබීම
ගැන කියන්නටත් ලැජ්ජය. ලංකා ඊ ගොසිප් නිව්ස් තුළින් මිට පෙර ලංකාවේ
පුද්ගලයෙක් විදෙස් තරුණියක් මහ පාරේ ගමන් කරමින් සිටිය දී ඇගේ පියයුරු
මිරිකා පලාගිය පුවතක් පිළිබදව සටහනක් තැබුවෙමු.
ලංකා ඊ ගොසිප් නිව්ස් වෙත තවත් ඒවන් පුවතක් පිළිබදව දැනගන්නට ලැබුණි.
නමුත් මෙය විදේශීය කතකට අතවර කිරීමක් සම්බන්දයෙනි. මහනුවර තරුණයින්
තිදෙනෙකු එක්ව ඊයේ මෙම විදේශීය කාන්තාවට අතවර කිරීමෙ සිද්ධිය සිදුවී ඇත්තේ
මහනුවර උප පොලිස් අධිකාරී ගේ කාර්යාලය ඉදිරියේ වීම මෙම සිද්ධියේ ඇති
විශේෂත්වය වේ.

මෙම විදේශීය කාන්තාවට අතවර කිරීමේ සිද්ධියට මැදිහත් වූ තරුණයින් තිදෙනා
මහනුවර පාර්ලිමේන්තු මන්ත්රීගේ ළගම හිතවුතුන් බැව් හෙළිව තිබේ.
බීමතින් සිටි මේ තරුණයින් තිදෙනා අතින් විදේශීය කාන්තාව අතවරයට ලක් වූ
අවස්ථාවේ දී පොලීස් නිළධාරියෙකු ඇය බේරා ගැනීමට තැත් කළ අවස්ථාවේ දී ඔහු
බීමතින් සිටි තරුණයින්ගේ පහර කෑමට ලක්ව ඇති බවත් අපට දැනගන්නට ලැබුණි.
පොලිස් නිලධාරියාට මෙම තරුණයින් තිදෙනා විසින් පහර දීම හේතුවෙන් ඔහු මහනුවර රෝහලේ ප්රතිකාර ගන්නා බවද දැනගන්නට ලැබුණි.
No comments:
Post a Comment