රනිල් වික්‍රමසිංහ මහත්තයා කොච්චර හොඳද? ඉල්ලපු ගමන් නායකත්ව මණ්ඩලයත් දුන්නා. දැන් ඔක්කොම හරිනේ...?
නායකත්ව මණ්ඩලය දුන්නේ හාමුදුරුවන්ට. ජනතාව ඉල්ලුවේ නායකත්වයේ වෙනසක්. නායකත්වයේ වෙනසක් වෙනුවට නායකත්ව මණ්ඩලයත් දීලා ෂේප් වුණා.
දැන් භික්ෂු පෙරමුණ පිට දැම්මට ඔබතුමන්ලත් ඔය මණ්ඩලේට එකඟ වුණානේ?
ආරම්භයක් විදියට මේ වගේ නායකත්ව මණ්ඩලයක් ලබාදීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා.
එතකොට මොනවද මේ අවුල් කතා
මෙහෙමයි. නායකත්ව මණ්ඩලය නායකයාගේ මණ්ඩලයක් වීම තමයි ප්‍රශ්නෙ. මමත් ඔය
මණ්ඩලේ පත් කරද්දි කෘත්‍යාධිකාරී මණ්ඩලේ හිටියා. නායකයාගේ තනි අවශ්‍යතාව
අනුව තමයි නායකත්ව මණ්ඩලේ පත් කළේ. ඒක නිසා තමයි සජිත් ප්‍රේමදාස
මන්ත්‍රිතුමත්, තලතා අතුකෝරල මන්ත්‍රිතුමියත් ඒ වෙලාවෙම නායකත්ව මණ්ඩලයෙන්
අයින් වුණේ.
ඔබතුමා කතා කරන විදියෙන් පේන්නේ නායකත්ව මණ්ඩල යෝජනාව ආවේ භික්ෂුන් වහන්සේගෙ තනි කැමැත්තට වගේ?
නායකත්ව මණ්ඩලය සම්බන්ධ එක සාකච්ඡාවකටවත් මට නම් සහභාගි වෙන්න අවස්ථාවක්
ලැබුණේ නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමන් කරු ජයසූරිය මැතිතුමන්, සජිත්
ප්‍රේමදාස මැතිතුමන් සාකච්ඡා කරලා තමයි ඔය තීරණය ගත්තේ.
ඔව්. එතුමන්ලා ලිපිවලට අස්සන් කරලා පොරොන්දු දීලනේ වැඩේ පටන් ගත්තේ?
ඔව්. නායකත්ව මණ්ඩලය සම්බන්ධයෙන් ලිපි තුනක් තියෙනවා. ඉස්සරලම ස්වාමීන්
වහන්සේ ඉල්ලුවෙ නායකත්වයේ වෙනසක්. නමුත් අන්තිමට නායකයාගේ නම පමණක් වෙනස්
වුණා. කිසිම බලතලයක් නැති නායකත්ව මණ්ඩලයක් පත්වුණා.
නායකත්වය
වෙනස් වුණේ නැත්නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නැඟිටලා එනවා කියලා පත්තරවලට
කියපු ඔබතුමන්ලට ඇයි ඒ වෙලාවේ කෙළින් තීරණයක් ගන්න බැරි වුණේ?
සජිත්
ප්‍රේමදාස මහත්තයත්, තලතා අතුකෝරල මහත්මියත් ඒ වෙලාවෙම නායකත්ව මණ්ඩලයෙන්
අයින් වුණානේ. එතකොට නායකත්ව මණ්ඩලයේ සම්පූර්ණ නෑනේ. ඉතින් ඉස්සරහට මොකද
වෙන්නෙ කියලා අපි බලාගෙන හිටියා.
මං ඇහුවේ ඇයි ඔබතුමන්ලා නැඟිට්ටෙ නැත්තේ කියලා?
එහෙම නැඟිට්ටා කියලා මේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්නෙ නෑනේ. කෘත්‍යාධිකාරී
මණ්ඩලයේ ප්‍රශ්නයක් නෑනේ. ප්‍රශ්නෙ තියෙන්නේ නායකත්ව මණ්ඩලේ. නායකත්ව
මණ්ඩලේ පත්වුණේ තුන් දෙනාගේ සම්මුතියෙන් නෙවෙයි. වික්‍රමසිංහ මහත්තයාගේ තනි
වුවමනාවට.
ඔබතුමා ප්‍රශ්නෙන් පිට පනිනවනෙ මන්ත්‍රිතුමා. නායකත්ව
මණ්ඩලේ සාධාරණ සංයුතියක් නෑ කියලා පෙනි පෙනිත් තවදුරටත් ඔබ වික්‍රමසිංහ
මහත්තයාගේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයෙක්?
ඔය කියන විදියට
කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් අයින් වුණා කියලා මේ ප්‍රශ්නෙ විසඳෙන්න නෑ. මෙතැනදී
හොඳම තීරණය සජිත් ප්‍රේමදාස මහත්මයයි, තලතා අතුකෝරාල මහත්මියයි ගත්තනෙ.
ඒ දෙන්නගේ තීරණය පැත්තකින් තියමුකො මන්ත්‍රිතුමා. ඔබතුමන්ලා මොනවද මේ නායකත්ව මණ්ඩලේට විරුද්ධව කළේ. ඇයි කෙළින් තීරණයක් ගන්න බැරි?
යම් ප්‍රශ්නයක් නිරාකරණය වුණායින් පස්සෙනෙ අපි තීන්දුවක් ගන්න ඕනේ.
නායකත්ව මණ්ඩලේ අපි සියලු දෙනා පිළිගත්තා. ඒකේ අවසානය හොඳ පැත්තට වෙනවද නරක
පැත්තට වෙනවද කියලා බලමු.
එතකොට මේ සංයුතිය ගැන ප්‍රශ්න?
ඔව්. නායකත්ව මණ්ඩලයේ පත් කරපු ආකාරය සම්බන්ධයෙන්නෙ අපිට ප්‍රශ්න තියෙන්නේ.
ඒකට තියෙන බලතල සම්බන්ධයෙන්නෙ අපිට ප්‍රශ්න තියෙන්නේ. එතැනදී පැහැදිලිවම
සාකච්ඡා වුණා නායකයාගේ බලතල නායකත්ව මණ්ඩලයට ලැබිය යුතුයි කියලා. අපි
කියන්නේ මේක ව්‍යවස්ථාවට ඇතුළු කරන්න.
මොනවද ඒ වෙනුවෙන් ගන්න ක්‍රියාමර්ග?
අපිට මතකයි. 2010දී ඔය වගේ උපදේශක සභාවක් පත් කළා. නිලධාරි වගයක් පත්
වුණා. අන්තිමට ඒක නායකයාගේ සභාවක් වුණා. මේ අතීත සිද්ධීන් අපි අවධානයට ගන්න
ඕනේ. මේ වැඩවලින් වෙන්නේ එක්සත් ජාතික පක්‍ෂය දවසින් දවස විනාශයට පත්වෙන
එක විතරයි.
නායකයාගේ උපදේශක සභාවක් පත්කළා කිව්වනේ. ඒ වගේ අද
තියෙන්නේ නායකයාගේ කෘත්‍යාධිකාරි මණ්ඩලයක්. එහෙම කෘත්‍යාධිකාරි මණ්ඩලයක
රංජිත් මද්දුම බණ්ඩාර තවදුරටත් වාඩි වෙලා ඉන්න එක කොයිතරම් සදාචාරාත්මකද?
මාව පත්කරලා එවලා තියෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව. මොනරාගල
දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් විදියට තමයි මාව කෘත්‍යාධිකාරි
මණ්ඩලේට පත්කරලා තියෙන්නේ. ඔබ අහන්නේ මේක ඇතුළේ ඉන්න එක ගැනනේ.
ඔව්. මන්ත්‍රිතුමා?
මම කියන්නේ මේක ඇතුළේ ඉඳගෙන ෆයිට් කරන එක තමයි හොඳම දේ.
ඒත් බහුතරය ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක නම් කෘත්‍යාධිකාරි මණ්ඩලේ ඇතුළේ හිටියා කියලා මොනවද කරන්න පුළුවන්?
එතැනදී අපේ අදහස් ප්‍රකාශ කිරීම වැදගත් වෙනවානේ. ඒකෙන් අපේ මතය එතැනදී නියෝජනය වෙනවානේ.
ඔබතුමා කියන එක හරි. ඒත් බහුතරය ඉදිරියේ සුළුතරය පරාදයිනේ?
එහෙනම් ඉතින් පාර්ලිමේන්තුවේ හිටියා කියලා වැඩක් වෙන්නෙත් නෑනේ. එතැනත් බහුතරය ඉන්නේ ආණ්ඩුව පැත්තෙනේ.
මන්ත්‍රිවරු එකා වගේ එළියට ආවොත් මීට වඩා පක්ෂ නායකත්වයට බලපෑම් කරන්න පුළුවන් කියලා එජාප පාක්ෂිකයන්ගේ අදහසක් තියෙනවා?
මම හිතන්නේ එළියට ඇවිත් බලපෑම් කරනවට වඩා ඇතුළේ ඉඳලා කරන බලපෑම ප්‍රබලයි.
මම කෘත්‍යාධිකාරි මණ්ඩලේ ඇතුළේ ඉන්නේ නායකයා නිසා නෙවෙයිනේ. මොනරාගල
දිස්ත්‍රික් ජනතාව නිසා.
එතකොට මෛත්‍රි ගුණරත්න, ශිරාල් ලක්තිලක වගේ පළාත් සභා මන්ත්‍රිවරු එළියේ ඉඳගෙන කරන සටන ඔබ ප්‍රතික්ෂේප කරනවද?
නෑ. කොහෙත්ම නෑ. ශිරාල් ලක්තිලකලා, මෛත්‍රි ගුණරත්නලා කියන්නේ ඡන්දෙන්
තෝරපු පළාත් සභා මන්ත්‍රිවරු. ඔවුන්ට තියෙන චෝදනාව තමයි එක්සත් භික්ෂු
පෙරමුණ හයිඩ් පිටියේ පවත්වපු රැලියට සහභාගි වීම. මේ රැස්වීමට සහභාගි වුණු
රංගෙ බණ්ඩාරවත්, අශෝක් අබේසිංහවත් ඒ චෝදනාවලින් නිදහස් කළා නම් මේ පළාත්
සභා මන්ත්‍රිවරු දෙන්නටත් ඒ සාධාරණය ඉෂ්ට වෙන්න ඕනේ. මොකද නායකත්ව මණ්ඩලය
සියලු දෙනාම එකතු කර ගැනීමේ වෑයමකනේ ඉන්නේ.
ඒක හොඳ කාරණයක්. ඇයි මේ හතර දෙනාට හැඳි දෙකකින් බෙදුවේ?
මමත් ඔය එක එක හැඳිවලින් අත්දැකීම් ලබපු කෙනෙක්නේ. අද පක්ෂෙට වෙලා තියෙන
විනය තමයි එක එක්කෙනාට එක එක හැඳිවලින් බෙදන එක. ශිරාල්වත් මෛත්‍රිවත් වෙන
වෙන පක්ෂවලින් ආපු අය නෙවෙයිනේ. මේ දෙන්නම එක්සත් ජාතික පාක්ෂිකයෝ. දැන්
වෙලා තියෙන්නේ තැන් තැන්වලින් ආපු අයට තමයි හොඳටම බෙදන්නේ.
කවුද ඔය තැන් තැන්වලින් ආපු කට්ටිය කියන්නේ?
කවුරුත් දන්නවනේ සමහරු මේ පක්ෂයට ආවේ ඇමැතිකමින් අස්කරපු නිසානේ. ඇමැතිකම
තිබ්බනම් ඒ ගොල්ලො මේ පක්ෂෙට එන්නේ නෑ. ඒ ගොල්ලො ඇවිත් තියෙන්නේ එක්සත්
ජාතික පක්ෂයට තියෙන ආදරේකට නෙවෙයි. කවුරු හරි කල්පනා කරනවනම් එක්සත් ජාතික
පක්ෂයට ඇවිත් මේ පක්ෂය පාවිච්චි කරලා මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් පළිගන්න
ඒකට ඉඩදෙන්න බෑ
නායකත්ව මණ්ඩලේ පළමු රැස්වීම තිබුණනේ. විනය පරීක්ෂණ අහෝසි කිරීම වගේ තීන්දු කීපයක් ඒකෙදී ගත්තා. මොකද හිතන්නේ මේ ආරම්භය ගැන?
හොඳ ආරම්භයක් විදියට මම දකිනවා. මම කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අවස්ථා
කිහිපයකදීම කිව්වා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා ගෙනියන්න නම් හැමෝම
එකතු කරගන්න ඕනෙ කියලා. විනය පරීක්ෂණ තිය තියා කට්ටිය එළියට දාලා හරියන්නේ
නෑ. සමහර දවස්වලට කෘත්‍යාධිකාරි මණ්ඩල න්‍යාය පත්‍රයේ වැඩියෙන්ම තිබුණේ
විනය පරීක්ෂණ.
ඒත් පක්ෂයක් වුණහම විනයක් තියෙන්නත් ඕනේ?
ඔව්.
ඒත් විනය පරීක්ෂණම තිබ්බා කියලා පක්ෂයක් දිනවන්නත් බෑනේ. මිනිසුන්ගේ
හදවතටනේ අපි කතා කරන්න ඕනේ. පක්ෂෙ විනය රකින්න කියලා වේවැල් අරන්
පාක්ෂිකයන්ට කියන්න බෑනේ.
චැනල් - 4 මාධ්‍යවේදීන් සිරිකොතට ආපු එක හරිද වැරැදිද?
සම්පූර්ණයෙන්ම වැරැදියි. අනවශ්‍ය වෙලාවක අනවශ්‍ය දෙයක් කළේ. චැනල් - 4
කියන්නේ මේ රටේ ප්‍රතිරූපයට විරුද්ධව රණවිරුවන් කරපු කැපකිරීම්වලට විරුද්ධව
රටේ ප්‍රතිරූපයට හානි කරපු රූපවාහිනි නාළිකාවක්. ඒ වගේ අයව එජාපයේ ජාතික
සේවක සංගම් කාර්යාලයට ගෙනාපු එක කිසිසේත්ම අනුමත කරන්න බෑ.
එතකොට ඔබතුමාලම කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස?
රටේ ජනතාවගේ උදහසට ලක් වෙලා තියෙන මාධ්‍යයක් මේක. මට නම් මේක පේන්නේ
එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න ක්‍රියාත්මක වුණු කුමන්ත්‍රණයක්. එළියේ
ඉඳලා කරන්න බැරි වුණු දේ දැන් ඇතුළට ඇවිත් කරන්න හදනවා.
චැනල් -
4 මාධ්‍යවේදීන් ලංකාවට එන්න වීසා දුන්නේ ආණ්ඩුවෙන්මනේ. එතකොට මොකක්ද මේ
එක්සත් ජාතික පක්ෂයේ එක් පාර්ශ්වයකට ඔවුන් ගැන තියෙන කැක්කුම?
චැනල් - 4
එකට ආණ්ඩුවෙන් වීසා දුන්න නම් ආණ්ඩුව ඒක බලාගනියි. ඒක වෙනම කතා කරන්න ඕනේ
දෙයක්. මේ ගොල්ලන්ව සිරිකොතට ගෙනාපු එකයි ප්‍රශ්නෙ. ඇයි මේගොල්ලො චැනල් - 4
එක විතරක් ගෙනාවේ. අනෙක් ජාත්‍යන්තර මාධ්‍යයත් ගේන්න තිබුණනේ.
නායකත්ව මණ්ඩලය දුන්නේ හාමුදුරුවන්ට. ජනතාව ඉල්ලුවේ නායකත්වයේ වෙනසක්. නායකත්වයේ වෙනසක් වෙනුවට නායකත්ව මණ්ඩලයත් දීලා ෂේප් වුණා.
දැන් භික්ෂු පෙරමුණ පිට දැම්මට ඔබතුමන්ලත් ඔය මණ්ඩලේට එකඟ වුණානේ?
ආරම්භයක් විදියට මේ වගේ නායකත්ව මණ්ඩලයක් ලබාදීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා.
එතකොට මොනවද මේ අවුල් කතා
මෙහෙමයි. නායකත්ව මණ්ඩලය නායකයාගේ මණ්ඩලයක් වීම තමයි ප්‍රශ්නෙ. මමත් ඔය මණ්ඩලේ පත් කරද්දි කෘත්‍යාධිකාරී මණ්ඩලේ හිටියා. නායකයාගේ තනි අවශ්‍යතාව අනුව තමයි නායකත්ව මණ්ඩලේ පත් කළේ. ඒක නිසා තමයි සජිත් ප්‍රේමදාස මන්ත්‍රිතුමත්, තලතා අතුකෝරල මන්ත්‍රිතුමියත් ඒ වෙලාවෙම නායකත්ව මණ්ඩලයෙන් අයින් වුණේ.
ඔබතුමා කතා කරන විදියෙන් පේන්නේ නායකත්ව මණ්ඩල යෝජනාව ආවේ භික්ෂුන් වහන්සේගෙ තනි කැමැත්තට වගේ?
නායකත්ව මණ්ඩලය සම්බන්ධ එක සාකච්ඡාවකටවත් මට නම් සහභාගි වෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමන් කරු ජයසූරිය මැතිතුමන්, සජිත් ප්‍රේමදාස මැතිතුමන් සාකච්ඡා කරලා තමයි ඔය තීරණය ගත්තේ.
ඔව්. එතුමන්ලා ලිපිවලට අස්සන් කරලා පොරොන්දු දීලනේ වැඩේ පටන් ගත්තේ?
ඔව්. නායකත්ව මණ්ඩලය සම්බන්ධයෙන් ලිපි තුනක් තියෙනවා. ඉස්සරලම ස්වාමීන් වහන්සේ ඉල්ලුවෙ නායකත්වයේ වෙනසක්. නමුත් අන්තිමට නායකයාගේ නම පමණක් වෙනස් වුණා. කිසිම බලතලයක් නැති නායකත්ව මණ්ඩලයක් පත්වුණා.
නායකත්වය වෙනස් වුණේ නැත්නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නැඟිටලා එනවා කියලා පත්තරවලට කියපු ඔබතුමන්ලට ඇයි ඒ වෙලාවේ කෙළින් තීරණයක් ගන්න බැරි වුණේ?
සජිත් ප්‍රේමදාස මහත්තයත්, තලතා අතුකෝරල මහත්මියත් ඒ වෙලාවෙම නායකත්ව මණ්ඩලයෙන් අයින් වුණානේ. එතකොට නායකත්ව මණ්ඩලයේ සම්පූර්ණ නෑනේ. ඉතින් ඉස්සරහට මොකද වෙන්නෙ කියලා අපි බලාගෙන හිටියා.
මං ඇහුවේ ඇයි ඔබතුමන්ලා නැඟිට්ටෙ නැත්තේ කියලා?
එහෙම නැඟිට්ටා කියලා මේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්නෙ නෑනේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ප්‍රශ්නයක් නෑනේ. ප්‍රශ්නෙ තියෙන්නේ නායකත්ව මණ්ඩලේ. නායකත්ව මණ්ඩලේ පත්වුණේ තුන් දෙනාගේ සම්මුතියෙන් නෙවෙයි. වික්‍රමසිංහ මහත්තයාගේ තනි වුවමනාවට.
ඔබතුමා ප්‍රශ්නෙන් පිට පනිනවනෙ මන්ත්‍රිතුමා. නායකත්ව මණ්ඩලේ සාධාරණ සංයුතියක් නෑ කියලා පෙනි පෙනිත් තවදුරටත් ඔබ වික්‍රමසිංහ මහත්තයාගේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයෙක්?
ඔය කියන විදියට කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් අයින් වුණා කියලා මේ ප්‍රශ්නෙ විසඳෙන්න නෑ. මෙතැනදී හොඳම තීරණය සජිත් ප්‍රේමදාස මහත්මයයි, තලතා අතුකෝරාල මහත්මියයි ගත්තනෙ.
ඒ දෙන්නගේ තීරණය පැත්තකින් තියමුකො මන්ත්‍රිතුමා. ඔබතුමන්ලා මොනවද මේ නායකත්ව මණ්ඩලේට විරුද්ධව කළේ. ඇයි කෙළින් තීරණයක් ගන්න බැරි?
යම් ප්‍රශ්නයක් නිරාකරණය වුණායින් පස්සෙනෙ අපි තීන්දුවක් ගන්න ඕනේ. නායකත්ව මණ්ඩලේ අපි සියලු දෙනා පිළිගත්තා. ඒකේ අවසානය හොඳ පැත්තට වෙනවද නරක පැත්තට වෙනවද කියලා බලමු.
එතකොට මේ සංයුතිය ගැන ප්‍රශ්න?
ඔව්. නායකත්ව මණ්ඩලයේ පත් කරපු ආකාරය සම්බන්ධයෙන්නෙ අපිට ප්‍රශ්න තියෙන්නේ. ඒකට තියෙන බලතල සම්බන්ධයෙන්නෙ අපිට ප්‍රශ්න තියෙන්නේ. එතැනදී පැහැදිලිවම සාකච්ඡා වුණා නායකයාගේ බලතල නායකත්ව මණ්ඩලයට ලැබිය යුතුයි කියලා. අපි කියන්නේ මේක ව්‍යවස්ථාවට ඇතුළු කරන්න.
මොනවද ඒ වෙනුවෙන් ගන්න ක්‍රියාමර්ග?
අපිට මතකයි. 2010දී ඔය වගේ උපදේශක සභාවක් පත් කළා. නිලධාරි වගයක් පත් වුණා. අන්තිමට ඒක නායකයාගේ සභාවක් වුණා. මේ අතීත සිද්ධීන් අපි අවධානයට ගන්න ඕනේ. මේ වැඩවලින් වෙන්නේ එක්සත් ජාතික පක්‍ෂය දවසින් දවස විනාශයට පත්වෙන එක විතරයි.
නායකයාගේ උපදේශක සභාවක් පත්කළා කිව්වනේ. ඒ වගේ අද තියෙන්නේ නායකයාගේ කෘත්‍යාධිකාරි මණ්ඩලයක්. එහෙම කෘත්‍යාධිකාරි මණ්ඩලයක රංජිත් මද්දුම බණ්ඩාර තවදුරටත් වාඩි වෙලා ඉන්න එක කොයිතරම් සදාචාරාත්මකද?
මාව පත්කරලා එවලා තියෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව. මොනරාගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් විදියට තමයි මාව කෘත්‍යාධිකාරි මණ්ඩලේට පත්කරලා තියෙන්නේ. ඔබ අහන්නේ මේක ඇතුළේ ඉන්න එක ගැනනේ.
ඔව්. මන්ත්‍රිතුමා?
මම කියන්නේ මේක ඇතුළේ ඉඳගෙන ෆයිට් කරන එක තමයි හොඳම දේ.
ඒත් බහුතරය ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක නම් කෘත්‍යාධිකාරි මණ්ඩලේ ඇතුළේ හිටියා කියලා මොනවද කරන්න පුළුවන්?
එතැනදී අපේ අදහස් ප්‍රකාශ කිරීම වැදගත් වෙනවානේ. ඒකෙන් අපේ මතය එතැනදී නියෝජනය වෙනවානේ.
ඔබතුමා කියන එක හරි. ඒත් බහුතරය ඉදිරියේ සුළුතරය පරාදයිනේ?
එහෙනම් ඉතින් පාර්ලිමේන්තුවේ හිටියා කියලා වැඩක් වෙන්නෙත් නෑනේ. එතැනත් බහුතරය ඉන්නේ ආණ්ඩුව පැත්තෙනේ.
මන්ත්‍රිවරු එකා වගේ එළියට ආවොත් මීට වඩා පක්ෂ නායකත්වයට බලපෑම් කරන්න පුළුවන් කියලා එජාප පාක්ෂිකයන්ගේ අදහසක් තියෙනවා?
මම හිතන්නේ එළියට ඇවිත් බලපෑම් කරනවට වඩා ඇතුළේ ඉඳලා කරන බලපෑම ප්‍රබලයි. මම කෘත්‍යාධිකාරි මණ්ඩලේ ඇතුළේ ඉන්නේ නායකයා නිසා නෙවෙයිනේ. මොනරාගල දිස්ත්‍රික් ජනතාව නිසා.
එතකොට මෛත්‍රි ගුණරත්න, ශිරාල් ලක්තිලක වගේ පළාත් සභා මන්ත්‍රිවරු එළියේ ඉඳගෙන කරන සටන ඔබ ප්‍රතික්ෂේප කරනවද?
නෑ. කොහෙත්ම නෑ. ශිරාල් ලක්තිලකලා, මෛත්‍රි ගුණරත්නලා කියන්නේ ඡන්දෙන් තෝරපු පළාත් සභා මන්ත්‍රිවරු. ඔවුන්ට තියෙන චෝදනාව තමයි එක්සත් භික්ෂු පෙරමුණ හයිඩ් පිටියේ පවත්වපු රැලියට සහභාගි වීම. මේ රැස්වීමට සහභාගි වුණු රංගෙ බණ්ඩාරවත්, අශෝක් අබේසිංහවත් ඒ චෝදනාවලින් නිදහස් කළා නම් මේ පළාත් සභා මන්ත්‍රිවරු දෙන්නටත් ඒ සාධාරණය ඉෂ්ට වෙන්න ඕනේ. මොකද නායකත්ව මණ්ඩලය සියලු දෙනාම එකතු කර ගැනීමේ වෑයමකනේ ඉන්නේ.
ඒක හොඳ කාරණයක්. ඇයි මේ හතර දෙනාට හැඳි දෙකකින් බෙදුවේ?
මමත් ඔය එක එක හැඳිවලින් අත්දැකීම් ලබපු කෙනෙක්නේ. අද පක්ෂෙට වෙලා තියෙන විනය තමයි එක එක්කෙනාට එක එක හැඳිවලින් බෙදන එක. ශිරාල්වත් මෛත්‍රිවත් වෙන වෙන පක්ෂවලින් ආපු අය නෙවෙයිනේ. මේ දෙන්නම එක්සත් ජාතික පාක්ෂිකයෝ. දැන් වෙලා තියෙන්නේ තැන් තැන්වලින් ආපු අයට තමයි හොඳටම බෙදන්නේ.
කවුද ඔය තැන් තැන්වලින් ආපු කට්ටිය කියන්නේ?
කවුරුත් දන්නවනේ සමහරු මේ පක්ෂයට ආවේ ඇමැතිකමින් අස්කරපු නිසානේ. ඇමැතිකම තිබ්බනම් ඒ ගොල්ලො මේ පක්ෂෙට එන්නේ නෑ. ඒ ගොල්ලො ඇවිත් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට තියෙන ආදරේකට නෙවෙයි. කවුරු හරි කල්පනා කරනවනම් එක්සත් ජාතික පක්ෂයට ඇවිත් මේ පක්ෂය පාවිච්චි කරලා මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් පළිගන්න ඒකට ඉඩදෙන්න බෑ
නායකත්ව මණ්ඩලේ පළමු රැස්වීම තිබුණනේ. විනය පරීක්ෂණ අහෝසි කිරීම වගේ තීන්දු කීපයක් ඒකෙදී ගත්තා. මොකද හිතන්නේ මේ ආරම්භය ගැන?
හොඳ ආරම්භයක් විදියට මම දකිනවා. මම කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අවස්ථා කිහිපයකදීම කිව්වා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා ගෙනියන්න නම් හැමෝම එකතු කරගන්න ඕනෙ කියලා. විනය පරීක්ෂණ තිය තියා කට්ටිය එළියට දාලා හරියන්නේ නෑ. සමහර දවස්වලට කෘත්‍යාධිකාරි මණ්ඩල න්‍යාය පත්‍රයේ වැඩියෙන්ම තිබුණේ විනය පරීක්ෂණ.
ඒත් පක්ෂයක් වුණහම විනයක් තියෙන්නත් ඕනේ?
ඔව්. ඒත් විනය පරීක්ෂණම තිබ්බා කියලා පක්ෂයක් දිනවන්නත් බෑනේ. මිනිසුන්ගේ හදවතටනේ අපි කතා කරන්න ඕනේ. පක්ෂෙ විනය රකින්න කියලා වේවැල් අරන් පාක්ෂිකයන්ට කියන්න බෑනේ.
චැනල් - 4 මාධ්‍යවේදීන් සිරිකොතට ආපු එක හරිද වැරැදිද?
සම්පූර්ණයෙන්ම වැරැදියි. අනවශ්‍ය වෙලාවක අනවශ්‍ය දෙයක් කළේ. චැනල් - 4 කියන්නේ මේ රටේ ප්‍රතිරූපයට විරුද්ධව රණවිරුවන් කරපු කැපකිරීම්වලට විරුද්ධව රටේ ප්‍රතිරූපයට හානි කරපු රූපවාහිනි නාළිකාවක්. ඒ වගේ අයව එජාපයේ ජාතික සේවක සංගම් කාර්යාලයට ගෙනාපු එක කිසිසේත්ම අනුමත කරන්න බෑ.
එතකොට ඔබතුමාලම කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස?
රටේ ජනතාවගේ උදහසට ලක් වෙලා තියෙන මාධ්‍යයක් මේක. මට නම් මේක පේන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න ක්‍රියාත්මක වුණු කුමන්ත්‍රණයක්. එළියේ ඉඳලා කරන්න බැරි වුණු දේ දැන් ඇතුළට ඇවිත් කරන්න හදනවා.
චැනල් - 4 මාධ්‍යවේදීන් ලංකාවට එන්න වීසා දුන්නේ ආණ්ඩුවෙන්මනේ. එතකොට මොකක්ද මේ එක්සත් ජාතික පක්ෂයේ එක් පාර්ශ්වයකට ඔවුන් ගැන තියෙන කැක්කුම?
චැනල් - 4 එකට ආණ්ඩුවෙන් වීසා දුන්න නම් ආණ්ඩුව ඒක බලාගනියි. ඒක වෙනම කතා කරන්න ඕනේ දෙයක්. මේ ගොල්ලන්ව සිරිකොතට ගෙනාපු එකයි ප්‍රශ්නෙ. ඇයි මේගොල්ලො චැනල් - 4 එක විතරක් ගෙනාවේ. අනෙක් ජාත්‍යන්තර මාධ්‍යයත් ගේන්න තිබුණනේ.
No comments:
Post a Comment