'මාධ්‍ය මර්දනයේ කප්පිත්තා 'සිරස' මාධ්‍ය මර්දනය කරන ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරනවා'යැයි එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ මහතා මෙසේද කීය,
මේ රටට සත්‍ය හෙළි කරන ප්‍රධාන මාදිලියේ මාධ්‍ය ප්‍රවාහයක් වන සිරස මාධ්‍ය ආයතනය මර්දනය කිරීමට ලක් කරන උත්සාහයන් මම තරයේ හෙළා දකිනවා. සිරස යනු මේ රටේ ජනතාවට සත්‍යවාදී තොරතුරු ලබාදීම තුළින් යථාර්ථය අවබෝධ කරවන ලොකු පොඩි සැමට එක සේ සලකන, ගවේෂණාත්මක මාධ්‍ය වැඩසටහන් තුළින් රටට ශක්තිමත් වූ මාධ්‍ය ආයතනයක්. මේ රටේ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිට බැට කාපු, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මානව අයිතිවාසිකම්, සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදුණු ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයක් තමයි සිරස කියන්නේ.
එපමණක් නොව සත්‍ය වෙනුවෙන් වගේම අපේ පක්‍ෂයටත් විශාල සේවාවක් කරපු මාධ්‍යයක්. කෙළෙහිගුණ දන්න සමාජ සේවකයෝ හැටියට යූ.එන්.පී. යට ඒ සත්‍ය කවදාවත් අමතක කරන්න බෑ. එපමණක් නෙවෙයි මේ රටේ දූෂණය, මර්දනය, ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසීම, ආඥාදායකත්වයට විරුද්ධව එජාපය ජනඝෝෂා කරද්දී ඒවා සජීවීව ජනතාවට රැගෙන යෑමට කටයුතු කළ අයුරු ඉතා සුවිශේෂයි. ඒ වෙනුවෙන් සිරස ගත් උත්සාහය අමරණීයයි.
මේවා පිළිබඳ යූ.එන්.පී. එකේ අලුත් අයට දැනුම්වත්කමක් නෑ. අවුරුදු තුන හතරකට කලින් ආපු අය මේ ඉතිහාසය නොදන්නවා වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් හැටියට සිරස රටට කරන සේවයට අපි සදාකාලික ණයගැතියි. එදා පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ සාමාජිකත්වය දරමින් මේ රටේ මාධ්‍ය මර්දනයේ ප්‍රමුඛතම සාමාජිකයා වෙමින් මර්දනය, තර්ජනය, ගර්ජනය කරමින් පක්‍ෂය විනාශ කරපු ප්‍රධාන පුද්ගලයා කවුද කියන එක තවත් රහසක් නෙවෙයි.
අද මේ මාධ්‍ය මර්දනයේ කප්පිත්තා ආණ්ඩුවේ බළල් අතක් බවට පත්වෙලා සිරස මාධ්‍ය මර්දනය කරන ආණ්ඩුවේ කොන්ත්‍රාත් එක සිදු කරනවා. කවුරු මොන දේ කළත් සිරස විනාශ කරන්න කාටවත් බෑ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් වැදිලා එක් වතාවක් නෙමෙයි දෙවතාවක් නෙවෙයි තුන්වතාවක් බෝම්බ කාලා ඒ අළු මතින් නැඟී සිට විශිෂ්ට සේවයක් සිදුකරන ආයතනයක් සිරස කියන්නේ. ඒ නිසා මේ ගර්ජනාවලින් සිරසේ ගමන නවත්වන්න බෑ. ඒ වගේම නිදහස් මාධ්‍ය සුරැකීමට අපි ඇප කැප වෙනවා. යූ.එන්.පී. ප්‍රතිපත්තිය තොරතුරු දැන ගැනීමේ අයිතිය.
එය තහවුරු කරන්නට අපි ඇප කැප වෙනවා.
No comments:
Post a Comment