Monday, November 11, 2013

පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙක් ගෙළ වැළලාගෙන නසී





අඹගහවැව ප‍්‍රදේශයේ පදිංචි කාලයක් තිස්සේ පවත්වාගෙන ආ පෙම් සබදතාවයක් මත තරුණ පෙම් යුවළක් දෙදෙනාගේ කැමැත්ත මත සිදු කර ගනු ලැබූ විවාහයට බිරියගේ පාර්ශ්වයෙන් විරෝධය දැක්වීම හේතුවෙන් කෝපයට පත් විසිතුන් හැවිරිදි සැමියා විසි එක් හැවිරිදි තම බිරියට කඩුවකින් හිසට පහර දී තෝරගල්ල පොදු සුසාන භූමියට ගොස් ලණුවකින් ගසක එල්ලී සිය දිවි හානිකර ගැනීමේ පුවතක් පඬුවස්නුවර පොලිසියෙන් ලංකා ඊ ගොසිප් නිව්ස් වෙත දැනගන්නට ලැබුණි
මෙසේ මියගොස් ඇත්තේ පඬුවස්නුවර පොලිස් වසමට අයත් අඹගහවැව පදිංචි ජේ.ඒ. කමලසිරි ගුණතිලක නමැති විසිතුන් හැවිරිදි තරුණයෙකි.
සැමියාගේ කඩු පහරින් බරපතළ ලෙස තුවාල ලැබූ දිස්නා දුලාංජලී රණසිංහ නමැති විසිඑක් හැවිරිදි තරුණ බිරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන බැව් ලංකා ඊ ගොසිප් නිව්ස් වෙත දැනගන්නට ලැබුණි.
මොවුන් දෙදෙනාම අඹගහවැව ප‍්‍රදේශයේ පදිංචි කරුවෝ වූහ. මෙම විවාහයට බිරියගේ පාර්ශ්වයෙන් අකැමැත්ත දැක්වීම නිසා සැමියා හා බිරිය අතර ඇතිවූ මත ගැටුම් හේතුවෙන් මෙම පහරදීම හා සියදිවි හානි කරගැනීම සිදුව ඇතැයි මෙහි පරීක්ෂණවලදී අනාවරණය වූ බැව් පඬුවස්නුවර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සුමනවීර මහතා පැවැසීය.

No comments:

Post a Comment